Gossips

ඉම්රාන් ඛාන්ගෙන් ඇමරිකාවට ප්‍රබල පිළිතුරක්

පාකිස්තානය තවදුරටත් වෙනත් කිසිවෙකුගේ යුද්ධයක කුලියට ගත් ගිනි අවියක් නොවන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසනවා.
ඔහු මෙහිදී ඍජුවම ඉලක්ක කරගෙන ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයයි.
පාකිස්තානය ත්‍රස්තවාදයට සහය දක්වන බවට චෝදනා කරමින් ඇමරිකානු පරිපාලනය පාකිස්තානය වෙත ලබාදෙන යුදමය ආධාර මේ වනවිට අත්හිටුවා තිබෙනවා.
එහෙත් ඒ අතර තලේබාන්වරුන් සාකච්ඡාවලට කැඳවා ගැනීම සඳහා සහය වන ලෙස ඇමරිකාව පාකිස්තානයෙන් ඉල්ලා ඇති බව සඳහන්.
පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ත්‍රස්තවාදයට එරෙහි ඇමරිකානු යුද්ධයෙන් පාකිස්තානයට විශාල වන්දියක් ගෙවීමට සිදුව ඇති බවයි.