Gossips

නැත්ත වෙනුවට ඇත්ත මැයි මස 11 වනදා දක්වා කල් තැබේ

ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වීමෙන් පසු ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ රචනා කරන ලද නැත්ත වෙනුවට ඇත්ත නමැති කෘතිය සම්බන්ධයෙන් වන නඩුව අද (22) කොළඹ වානිජ මහාධිකරණයේදී කැදවනු ලැබුවා.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගෙන් ඊට අදාළ හරස් ප්‍රශ්න විමසීම අවසන් කරනු ලැබුවේ කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන හමුවේ අද නඩුව කැදවූ අවස්ථාවේදීයි.
නඩුවේ වැඩිදුර විභාගය මැයි මස 11 වනදා දක්වා කල් තැබීමටයි විනිසුරුවරයා තීරණය කළේ.
බුද්ධිමය දේපල අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගෙන් රුපියල් මිලියන 50 ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් කොළඹ වානිජ මහාධිකරණයේ මෙම නඩුව ගොනුකරනු ලැබුවා.
නැත්ත වෙනුවට ඇත්ත යන ග්‍රන්ථයේ සම්පූර්ණයෙන්ම පාහේ අඩංගුවී ඇත්තේ ඔහු ජනතා විමුක්ති පෙරමුණේ සිටියදී විධායක කමිටුව හමුවේ ඉදිරිපත් කළ අදහස් බවටයි ටිල්වින් සිල්වා කරුණු ඉදිරිපත් කරමින් අධිකරණය දැනුම්දී ඇත්තේ.