Gossips

පාසල් නිවාඩු කාලයේ විශේෂ දුම්රියක් බදුල්ලට

පාසල් නිවාඩු කාල සීමාව තුළ විශේෂ දුම්රියක් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.
අද සිට එම දුම්රිය ක්‍රියාත්මක වන අතර එය ඔත්තේ දිනවල උදෑසන 7 යි 30 ට කොළඹින් ආරම්භ වී බදුල්ල දක්වා ගමන් කරනු ඇති.
පසුදින උදෑසන 9 යි 30 ට බදුල්ලෙන් එම දුම්රිය යළි කොළඹ බලා ධාවනය වීමට නියමිතයි.
පාසල් නිවාඩු සමය එළඹීමත් සමග ළමයින් ඇතුළු වැඩි සංචාරකයින් පිරිසක් උඩරට ප්‍රදේශවලට දුම්රියෙන් ගමන් කරනු ඇතැයි අපේක්ෂාවෙන් මෙම විශේෂ දුම්රිය හදුන්වා දී තිබෙනවා.