Gossips

දේශපාලන අර්බුදයට විසදුම මහමැතිවරණයක් – සංඝ සභාව

පවතින දේශපාලන අර්බුදයට ඇති එකම විසදුම කඩිනමින් මහමැතිවරණයක් පැවැත්වීම බව ලංකා රක්ෂක සංඝ සභාව පවසනවා.
කොළඹ නිදහස් චතුරස්‍රයේ අද අධිෂ්ඨාන පූජාවක් පවත්වමින් ඔවුන් මෙම අදහස් පලකළා.
ලංකා රක්ෂක සංඝ සභාව විසින් සංවිධානය කර තිබූ මාතෘ භූමී සුරක්ෂා ජාතියේ අධිෂ්ඨාන පූජාව අද පෙරවරුවේ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ්‍රී සම්බෝධි විහාරය අසලින් ආරම්භ වුණා.
මහාසංඝරත්නය සම්බෝධි විහාරය අසල සිට පාගමනින් කොළඹ නිදහස් චතුරස්‍රය වෙත වැඩම කළා.
නිදහස් චතුරස්‍රයේදී අධිෂ්ඨාන පූජාව ආරම්භ වුණේ ඉන් අනතුරුවයි.