Gossips

අදත් පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආසන්න පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද රාත්‍රියේත් පළාත් කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට ද මෙම වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වුණා.