Gossips

ශ්‍රී පාදයට ගමන් ගන්නා නල්ලතන්නි මාර්ගය පුළුල් කෙරේ

හැටන් – නල්ලතන්නියේ සිට මෝහිනි ඇල්ල දක්වා මාර්ගය පුලූල් කිරීමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලය මගින් ආරම්භ කර තිබෙනවා.
ලබන 22 වනදාට යෙදී ඇති උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ වන ශ්‍රී පාද වන්දනා සමයට පෙර එහි ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට කටයුතු කරන බවයි එහි විධායක ඉංජිනේරු කේ.ඞී.බී. ආර්. දේවප්‍රිය කියා සිටියේ.
මාවුස්සා කැලේ ජලාශයට ඉහළ කඳුමුදුනේ සිට පරිසර හිතකාමී ලෙස පස් කපා මාර්ගය පුළුල් කිරීමෙන් පසු වාහන දෙකකට එහි පහසුවෙන් ගමන් කළ හැකිවනු ඇති බවද ඔහු සඳහන් කළා.