Gossips

අලුත් මන්ත්‍රිවරියකගේ සැමියා අත්අඩංගුවට

14 හැවිරිද පාසල් සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී හලාවත නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තේරීපත් වු මන්ත්‍රීවරියකගේ ස්වාමි පුරුෂයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු මීට වසර කිහිපයකට පෙර පොලිස් නිලධාරියෙකු ලෙස සේවය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
සැකකරු ඔහුගේ නිවස ඉදිරිපිට අලංකරණයට සිටුවා ඇති උණ ගසක් මෙම සිසුවා විසින් ගලවාගෙන ඇති බවට පවසමින් ඊයේ පස්වරුවේ පහර දීම සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළා.
පසුව සිසුවා හලාවත මහ රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.