Gossips

සිරුරුට ගිනි ඇවිළීමෙන් පුද්ගලයෙකු මරුට

මස්කෙළිය – බ්‍රවුන්ලෝ වතුයායේදී සිරුරුට ගිනි ඇවිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නිවසේ තිබූ භූමිතෙල් ලාම්පුව දැල්වීමට යාමේදී එය පෙරළීමෙන් මෙලෙස ගිනි ඇවිලී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
එම අවස්ථාවේදී බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයා මස්කෙළිය රෝහලට ඇතුලත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට මාරුකර යැවුණා.
ඊයේ සිදුවූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ 70 හැවිරිදි දෙදරු පියෙක්.