Gossips

සාමාන්‍ය පෙළ විභාගයට ව්‍යාජ ලෙස පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී නියමිත අපේක්ෂකයා වෙනුවට පෙනී සිටි වෙනත් අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියා සිටියේ මුලතිව් – තුනුක්කායි අධ්‍යාපන කලාපයේ විභාග මධ්‍යස්ථානයකින් අදාළ සිද්ධිය වාර්තා වී ඇති බවයි.
පසුව ව්‍යාජ ලෙස පෙනී සිටි එම තැනැත්තා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු දෙමළ භාෂාව සහ සාහිත්‍ය ප්‍රශ්න පත්‍ර සඳහා එලෙස පෙනී සිට ඇති බව සඳහන්.
එමෙන්ම, සාමාන්‍ය පෙළ විභාගයට අදාළව දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ලැබී ඇති පැමිණිලි විභාග කිරීම සඳහාද මේ වනවිට පරීක්ෂණ නිලධාරීන් යොමුකර තිබෙනවා.
එලෙස ලැබුණු ඇතැම් පැමිණිලි අතර අසත්‍ය ඒවාද පවතින බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත වැඩිදුරටත් සඳහන් කළේ.