Gossips

ගල්කිස්සේ වෙඩි තැබීම, අංජු සහ රොහා කල්ලියේ ගැටුමක්

ගල්කිස්ස – කල්දෙමුල්ල මංසන්ධියේ සිය නිවස තුළදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම, අංජු නමැත්තාගේ සංවිධානාත්මක අපරාධ කල්ලිය විසින් සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.
ඊයේ රාත්‍රියේ 9.20 ට පමණ යතුරුපැදියකින් ෆුල්ෆේස් හෙල්මට් පැළඳ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකළ අතර, එහිදී ජීවිතක්ෂයට පත්වුණේ කල්දෙමුල්ල ප්‍රදේශයේම පදිංචි ළහිරු උදාර සඳරුවන් නැමති 30 හැවිරිදි තරුණයෙක්.
ඔහු රොහා නැමති පුද්ගලයා මෙහෙයවන අපරාධ කල්ලියේ සාමාජිකයෙකු බවට හෙළිවී ඇති බව සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකරන පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු සඳහන් කළා.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
වෙඩි තැබීම ටී 56 වර්ගයේ ගිනි අවියකින් සිදුකර ඇති අතර, වෙඩි ප්‍රහාර 9 ක් පමණ මෙහිදී එල්ල කර තිබෙනවා.
ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා වන දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී රංජන් ද සිල්වා ඝාතනයට ද චෝදනා එල්ලවුණේ අංජු නැමැත්තාටයි.
රත්මලානේ පිහිටි සිය නිවස ඉදිරිපිට තවත් දෙදෙනෙකු සමඟ කතා බහක නිරතව සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙලෙස වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය මැයි මස 24 වනදායි.