Gossips

අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දැක්වීම ඇරඹේ

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පාර්ශව 13 ක් විසින් ගොනු කර ඇති පෙත්සම් විභාගය තුන්වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී මේ වනවිට සිදු කෙරෙනවා.
ඒ, අගවිනිසුරු නලින් පෙරේරා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේයි.
මේ වනවිට අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිටින බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.
ඒ අනුව ජනාධිපති නීතීඥවරුන් වන සංජීව ජයවර්ධන සහ මනෝහර ද සිල්වා අද පෙරවරුවේ කරුණු දක්වා තිබෙනවා.
ඊයේ දිනයේදී නීතිපතිවරයා කරුණු දැක්වීම සිදුකළ අතර, අද දිනයේ අතරමැදි පාර්ශවයන් 4 ක්, සත්පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කරුණු දැක්වීමට නියමිතව තිබෙනවා.
පෙරේදා ආරම්භ වූ පෙත්සම් විභාගය අද අවසන් වීමට නියමිතයි.