Gossips

ලොවම පුදුම කරමින් හමු වූ බිත්තර දමන පිරිමි දරුවා ( ඡායාරූප)

පසුගිය වසර දෙකක කාලයක් පුරා බිත්තර දැමු ඉන්දුනීසියාවේ පිරිමි දරුවෙකු පිළිබඳ විදෙස් මාධ්‍ය අනාවරණ කර තිබෙනවා.
මෙම සිද්ධිය හේතුවෙන් ඉන්දුනීසියාවේ වෛද්‍යවරුන් ද ගැටලුකාරී තත්වයකට පත්වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පිරිමි දරුවා පසුගිය වසර දෙකක කාලය පුරා සිය අධෝ මාර්ගයෙන් බිත්තර 20 ක් දමා ඇතැයි සඳහන්.
14 හැවිරිදි ඔහු ප්‍රකාශකර ඇත්තේ 2016 වසරේ සිට මෙම තත්වය තමාට පවතින බවයි.
දරුවාගේ පියා විසින් එම බිත්තර කඩා බැලීමේ දී එහි ඇතැම්විට කහමදය පමණක් හෝ ඇතැම්විට සුදු මදය පමණක් පැවති බව සඳහන්.
මෙම පිරිමි දරුවාගේ උදරයේ සිදු කළ එක්ස්රේ පරීක්ෂණයකදී ද හෙළිවී ඇත්තේ ඒ වන විටත් එහි බිත්තර පවතින බවයි.
මෙම තත්වය හේතුවෙන් පිරිමි දරුවා අඛණ්ඩව වෛද්‍ය පරීක්ෂණයන්ට ද ලක්ව ඇති අතර වෛද්‍යවරුන් ඉදිරියේම බිත්තර දෙකක් දැමීම හේතුවෙන් මතබේධාත්මක තත්වයට ඔවුන් පත්ව තිබෙනවා.
කෙසේවෙතත් වෛද්‍යවරුන් ප්‍රකාශකර ඇත්තේ මිනිස් සිරුරක බිත්තර ඇති වීමට කිසිසේත් හැකියාවක් නොමැති බවයි.
මෙම බිත්තර මෙම දරුවාගේ අධෝ මාර්ගයට උවමනාවෙන්ම ඇතුලු කර ඇතැයි වෛද්‍යවරුන් සැක පළ කරනවා.
කෙසේවෙතත් ඇසින් දුටු සාක්ෂි නොමැතිවීම හේතුවෙන් එය ද නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.
මෙම දරුවාගේ පියා ද එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඔහු ප්‍රකාශ කරන්නේ තම දරුවා බිත්තර සම්පුර්ණයෙන් හෝ ගිල නොදැමු බවයි.
කුඩා දරුවෙකු එලෙස සිදු කරන්නේ ඇයි ද යන්න ඔහු ප්‍රශ්ණ කරනවා.
කෙසේවෙතත් මේ පිළිබඳ වෛද්‍ය පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.