Gossips

ගල්කිස්සේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට – පාතාල ගැටුමක්දැයි සැක

ගල්කිස්ස – කල්දෙමුල්ල හන්දිය ප්‍රදේශයේ නිවසක් අසළදී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීම පාතාල ගැටුමක ප්‍රතිඵලයක් බවට සැක මතුව ඇති බව පොලීසිය පවසනවා.
පරික්ෂණ මෙහෙයවන පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධ ගැටළුවක් වෙඩි තැබීමට හේතුවී ඇති බවට තොරතුරු පවතින බවයි.
ඊයේ රාත්‍රී 9.20 ට පමණ ගල්කිස්ස – කල්දෙමුල්ල හන්දිය ප්‍රදේශයේ නිවසක් අසළදී මුහුණු ආවරණය කරගත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.
ඉන් මියගියේ මොරටුව – කල්දෙමුල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්.
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා කණ්ඩායම් 4 ක් පත් කර ඇති අතර, අද දිනයේදී සී සී ටී වී දර්ශන පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි.