Gossips

ඉන්දියාව විශාලතම චන්ද්‍රිකාව කක්ෂගත කරයි

අන්තර්ජාල සේවා පවත්වාගෙන යාම සඳහා වන නවීන තාක්ෂණික චන්ද්‍රිකාවක් ඉන්දියාව කක්ෂ ගතකර තිබෙනවා.
ප්‍රංශ රොකට්ටුවක් ආධාරයෙන් එරට අභ්‍යවකාශ මධ්‍යස්ථානයක සිට අද උදෑසන මෙම චන්ද්‍රිකාව කක්ෂගත කර ඇති බවයි විදෙස්වල දැක්වුණේ.
එය මෙතෙක් ඉන්දියාව කක්ෂගත කළ විශාලතම චන්ද්‍රිකාව වන අතර, එහි බර කිලෝග්‍රෑම් 5854 ක්.
දෙසැම්බර් මාසය අවසන්වන විට එහි මෙහෙයුම් ආරම්භ කළ හැකි බවටයි ඉන්දීය ගගන විද්‍යාඥයන් විශ්වාසය පළ කරන්නේ.