තරුණයින් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙකුට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරුණා.
ඒ, ඊට අදාළ නඩුව කොළඹ – කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ අද කැඳවූ අවස්ථාවේදියි.
එහිදී මහේස්ත්‍රාත්වරයා ඔහුට දැනුම්දී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවලට බාධා කළහොත් ඇප අවලංගු කරන බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ – කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කළේ පසුගිය මස 28 වනදායි.
ඔහුව අත්අඩංගුවට ගැනුනේ තරුණයින් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙකු වන ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදියි.
අදාළ චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට කිහිපවරක්ම දැනුම්දී තිබුූ නමුත් ඔහු එම අවස්ථා මගහරිනු ලැබුවා.