ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ අද පැවති සාකච්ඡාවේදී බස් ගාස්තු අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිිමියන්ගේ සංගමය ප්රකාශ කළා.
ගාස්තු සංශෝධනය සිදුවන ප්රතිශතයන් ලබන 21 වනදා දැනුම් දෙන බවයි එහි ලේකම් අංජන ප්රියන්ජිත් හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.
බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේදී අද උදෑසන පැවැත්වුණා.
පසුගිය 30 වනදා ඞීසල් මිල රුපියල් 5 කින් පහළ දැමූ අතර , ඊට පෙර අවස්ථා දෙකකදී ඞීසල් මිල ගණන් රුපියල 15 කින් අඩු කර තිබෙනවා.
මේ පිළිබඳව අද පැවති සාකච්ඡාවේදී ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නියෝජිතයින් සහ බස් සංගම් අතර සාකච්ඡා කෙරුණු බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්රියන්ජිත් හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.