පැසිෆික් සාගරයේ පිහිටි නව කැලඩෝනියා දූපත ආසන්නයේ රික්ටර් මාපකයේ 7.5 ක ප්රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ භූ කම්පනයෙන් අනතුරුව ඒ ආශ්රිතව සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බවයි.
කෙසේ වෙතත් භූ කම්පනයෙන් හානි සිදුවී ඇත්ද යන්න පිලිබඳව මෙතෙක් අනාවරණ වී නැහැ.
