එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් දෙපළක් වන බෙන් ස්ටොක් සහ ඇලෙක් හෙල්ස් අද දිනයේ විනය පරීක්ෂණයකට මුහුණදීමට නියමිතයි.
2017 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ එංගලන්තයේ බ්‍රිස්ටල් නුවර පිහිටි රාත්‍රී සමාජ ශාලාවක් තුළ දී සිදුවූ බව කියන කලහකාරී සිදුවීමකට අදාළවයි මොවුන්ට චෝදනා එල්ල වන්නේ.
එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙම විනය පරීක්ෂණය සිදුකරන අතර එය ලබන සිකුරාදා ද පැවැත්වෙනු ඇති.