Gossips

සන්ධානය නොමැතිව පාර්ලිමේන්තුව යළි රැස්වේ

පාර්ලිමේන්තුව අද (05) යළි පෙරවරු 10.30ට රැස් වනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම අද දිනයේ ද පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි නොවීමට මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ.
එමෙන්ම පෙරවරු 9.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායක රැස්වීමක් ද පැවැත්වෙනවා.
අද දිනයේ ද මීට පෙර පාර්ලිමේන්තුවේ අසුන් පනවා තිබූ ආකාරයටම මන්ත්‍රීවරුන්ට ආසන වෙන් කර ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කළා.
එමෙන්ම මහජන ගැලරිය සහ කථානායක විශේෂ අමුත්තන්ගේ ගැලරිය අද (05) දිනයේ ද විවෘත නොකෙරෙන අතර, ඊට පිවිසීමේ අවස්ථාව හිමිවන්නේ මාධ්‍යවේදීන්ට පමණයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර කියා සිටියේ පාර්ලිමේන්තුවේ අද දිනයේ කටයුතු කරන ආකාරය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව තීරණය කරන බවයි.