Gossips

පේරාදෙණිය සරසවියේ සිසුවියන් තුන්දෙනෙකුට පහරදුන් සිසුවියක් රිමාන්ඩ්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අයත් සංඝමිත්තා කාන්තා නේවාසිකාගාරයේදී සිදුවූ බව කියන පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම විශ්විවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුවියක් පොලීසිය ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සරසවි සිසුවිය මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (06) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි නියෝග කෙරුණේ.
පසුගිය මස 22 වනදා රාත්‍රියේ නේවාසිකාගාරයේ නාන කාමරය අසළදී මෙම ජ්‍යෙෂ්ඨ සිසුවිය විසින් තවත් සිසුවියන් තුන්දෙනෙකුට පහරදී තිබෙනවා.
පසුව පහරකෑමට ලක්වූ සිසුවියන් තුන්දෙනා විශ්වවිද්‍යාලයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කරනු ලැබුවා.
ඉන් අනතුරුවයි පහරදීම සිදුකළ බව පැවසෙන සිසුවිය අත්අඩංගුවට ගනු ලැබුවේ.
මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයද පහරදීම සම්බන්ධයෙන් වෙනමම පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.