Gossips

එජාපයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ඉල්ලීමක්

රාජ්‍ය මාධ්‍ය ප්‍රවෘත්ති වාර්තා කිරීමේදී අපක්ෂපාතීව කටයුතු කිරීමට උපදෙස් දෙන ලෙස එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේ එහි වගකීම අමාත්‍යාංශ ලේකම්වරයා භාරගත් බවයි.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද පෙරවරුවේ ජාතික රූපවානිහියට ගොස් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා මුණ ගැසීමට උත්සාහ කළා.
එම අවස්ථාවේ ජාතික රූපවාහිනිය අසල, විශේෂ පොලිස් ආරක්ෂාවක යොදවා තිබුණු අතර අපවාර්තාකරුවන් සඳහන් කළේ ස්වාධීන රූපවාහිනිය පරිශ්‍රයේද විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණු බවයි.
ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පරිශ්‍රයේ නොසිටි බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනමාධ්‍ය අමාත්‍යාංශයට ගොස් එහි ලේකම්වරයා හමුවුණා.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා මෙලෙස අදහස් පළ කළා.