Gossips

පාර්ලිමේන්තුවේ හෙට දිනයේ අසුන් පැනවීමේ වෙනසක් නැහැ

මීට පෙර පාර්ලිමේන්තු සභා වාරයේදී අසුන් පැනවූ අයුරින්ම හෙට දිනයේදී මන්ත්‍රීවරුන් සඳහා ආසන පනවන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කළා.
එමෙන්ම හෙට පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇති බවයි ඔහු කියා සිටියේ.
පාර්ලිමේන්තුව රැස්වන හෙට දිනයේදී ද මහජන ගැලරිය සහ කථානායක විශේෂ අමුත්තන්ගේ ගැලරිය විවෘත නොකෙරෙන අතර, ඊට පිවිසීමේ අවස්ථාව හිමිවන්නේ මාධ්‍යවේදීන්ට පමණයි.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය හෙට දිනයේ ද පාර්ලිමේන්තුව වර්ජනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසනවා.
බත්තරමුල්ල – නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය මණ්ඩලය තවදුරටත් බලතල ක්‍රියාත්මක නොකළ ද එම තනතුරුවල රැදී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.