Gossips

අතුරු තහනම් නියෝගය ගැන නීතිවේදීන්ගේ අදහස

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය මණ්ඩලයට එම ධුර දැරීම තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ (03) නිකුත් කළ අතුරු තහනම් නියෝගය පිළිබඳව මේ වන විට සමාජයේ බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.
මෙම අතුරු තහනම් නියෝගයත් සමඟ අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලයේ ධුරවල බලතල පවතිනවා ද යන්න සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළේ විවෘත විශ්විද්‍යාලයේ නීති පිඨයේ පීඨාධිපති නීිතිඥ ආචාර්ය රාජා ගුණරත්නගෙන්.
ඔහු කියා සිටියේ කිසිදු දිනයක ලොව කිසිදු රටක සම්පූර්ණ කැබිනට් මණ්ඩලයම අක්‍රිය වන ආකාරයට මෙවැනි ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් සඳහා වාරණයක් නිකුත් කර නොමැති බවයි.
ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට නියමිත බැවින් ඒ හරහා අදාළ වාරණ නියෝගයේ ක්‍රියාකාරීත්වය නවතින බවත් ඒ අනුව කැබිනට් මණ්ඩලයට සහ අග්‍රාමාත්‍යවරයාගේ ක්‍රියාකාරීත්වය ඒ ආකාරයෙන් පවතින බවත් විවෘත විශ්විද්‍යාලයේ නීති පිඨයේ පීඨාධිපති නීිතිඥ ආචාර්ය රාජා ගුණරත්න කියා සිටියා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ අමාත්‍ය මණ්ඩලයට එම තනතුර දැරීමට බලයක් නොමැති බවට ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් ඉල්ලා මෙම පෙත්සම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරුන් එකසිය විසි දෙදෙනෙකු විසින් ගොනු කර තිබුණා.
දින දෙකක විභාගයකින් අනතුරුවයි අභියාචනාධිකරණය අදාළ නියෝගය නිකුත් කරනු ලැබුවේ.
පෙත්සම් විභාගය ලබන 12 වන දා ආරම්භ වන අතර, එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙස මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලයට නොතීසි ද නිකුත් කෙරුණා.