Gossips

හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සන්ධාන මන්ත්‍රී කණ්ඩායම එක් නොවන බව කියයි

හෙට (05) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම සහභාගී නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඒ පිළිබදව හෙට දිනයේදී රැස්වී තවදුරටත් සාකච්ඡා සිදුකිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.
මේ අතර, පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10.30ට රැස්වීමට නියමිත අතර, එහිදී මහජන ගැලරිය සහ කථානායක විශේෂ අමුත්තන්ගේ ගැලරිය විවෘත නොකෙරෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළා.