Gossips

බස්නාහිර අයවැය විවාදය ඇරඹේ

බස්නාහිර පළාත් සභාවේ 2019 වසර සඳහා වන අයවැය ලේඛනය පිළිබද විවාදය අද (04) උදෑසන ආරම්භ වුණා.
විවාදය ලබන 07 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
පසුගිය නොවැම්බර් 19 වන දා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය හා මුදල් අමාත්‍ය ඉසුර දේවප්‍රිය විසින් අයවැය ලේඛනය සභාගත කළා.
මෙම අයවැය බස්නාහිර පළාතේ 06 වන පළාත් සභාවේ 5 වන මූල්‍ය ප්‍රකාශය වන අතර, ඉසුර දේවප්‍රිය බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ධූරයට පත්වූ පසු ඉදිරිපත් කරන 4 වන මූල්‍ය ප්‍රකාශය ද වනවා.
මේ අතර, ඌව පළාත් සභාවේ 2019 වර්ෂයට අදාළ අය වැය පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් අද සභාගත කෙරුණා.
දින තුනක් පුරා අමාත්‍යංශ මට්ටමින් වැය ශිර්ෂ ඡන්ද විමසීම සිදුවන අතර, වාර්ෂික විසර්ජන ප්‍රඥප්තිය සඳහා ඡන්ද විමසීම අනිද්දා සිදුකිරීමට නියමිතයි.