Gossips

කශෝගි ඝාතනය ගැන සී.අයි.ඒ. ප්‍රධානී අද ඇමරිකානු කොංග්‍රසය අමතයි

මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලය තුළ දී ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සී.අයි.ඒ. ඔත්තු සේවාව අනාවරණ කර ගත් සියළු කරුණු එහි ප්‍රධානී ගීනා හැස්පල් විසින් අද ඇමරිකානු කොංග්‍රසයට ඉදිරිපත් කරනවා.
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ ආරක්ෂක ලේකම්වරයා ද පසුගිය සතියේ මෙවැනි වාර්තාවක් ඉදිරිපත් කළ අතර, එම අවස්ථාවට ඇය සහභාගි වූයේ නැහැ.
ජමාල් කශෝගි ඝාතනය සෞදියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ අණින් සිදුකළ බවට සී.අයි.ඒ. කරුණු අනාවරණ කරගෙන තිබෙනවා.
කෙසේ නමුත් එම තොරතුරු මාධ්‍ය වෙත කලින් නිකුත්වීම පිළිබදව සී.අයි.ඒ. ප්‍රධානී ගීනා හැස්පල් උදහසින් සිටින බව සඳහන්.