Gossips

පාරිභෝගික විමර්ශන නිලධාරීන් රාජකාරිවලින් ඉවත් වෙයි

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සියලුම විමර්ශන නිලධාරීන් අද (04) දින වැටලීම් සහ ක්ෂේත්‍ර රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ, එම අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් පිරිසක් වෙළඳසැලක් පරීක්ෂා කරන අවස්ථාවේදී ඔවුන්ට පහරදීමට විරෝධය පළ කරමින්.
උත්සව සමයේදී මෙලෙස වැටලීම්වලින් ඉවත්වීම පාරිභෝගික ජනතාවට අහිතකර තත්ත්වයක් බවයි සමස්ත ලංකා පාරිභෝගික අධිකාරි විමර්ශන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ලංකා දික්කුඹුර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.