Gossips

ධාවනය වෙමින් තිබූ දුම්රියේ මැදිරියක් නොසිතූ මොහොතක ගැලවී ගිය හැටි

ඊයේ දිනයේ දුම්රිය පිළිබඳව රටේම අවධානය යොමුවූයේ ඉන්දියාවෙන් ආනයනය කරන ලද දුම්රිය බලවේග කට්ටල කිහිපයේ ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක්වීමත් සමඟයි.
කෙසේ වෙතත් මෙලෙස මෙරටට නව දුම්රිය බලවේග කට්ටලයක් එද්දී සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන තවත් වීඩියෝවක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
ඒ දුම්රියක් ධාවනය වෙමින් තිබියදී මැදිරි දෙකක් ගැලවී යන අයුරු දැක්වෙන ජංගම දුරකථනයක සජීවීව පටිගත වූ දර්ශන පෙළක් වෙතයි.
කෙසේ වෙතත් අදාළ සිදුවීම යාල්දේවී දුම්රියේ මැදිරි ගැලවී යාමේ අවස්ථාව බවටයි සමාජ මාධ්‍ය තුළ වාර්තා වන්නේ.
එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්.