Gossips

සෝයුස් රොකට්ටුවක් යළි උඩු ගුවනට

පසුගිය ඔක්තෝම්බරයේ උඩු ගුවන් චාරිකාව අසාර්ථකවීමෙන් පසු ප්‍රථම වරට රුසියානු සෝයුස් රොකට්ටුවක් ඊයේ අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය බලා නික්මුණා.
රුසියානු හා කැනේඩියානු ගගනගාමීන් දෙදෙනෙකු මෙන්ම ඇමරිකානු ගගනගාමිනියක් ද රැගත් සෝයුස් යානය සාර්ථකව එහි ළඟා වූ බවයි රුසියානු, රොස්කොස්මොස් ගගන විද්‍යා ආයතනය ප්‍රකාශ කළේ.
සෝයුස් යානයෙන් පැමිණි නව ගගනගාමීන් කණ්ඩායම අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානයේ මාස හයහමාරක කාලයක් රැදී සිටීමට නියමිතයි.