Gossips

කොටස් වෙළදපොළ වර්ධනයක්

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ දිනයේ සුළු වර්ධනයක් පෙන්නුම් කළ අතර, සමස්ත දර්ශකය දිනය අවසන දී 6025.20ක් ලෙස සටහන් වුණා.
කොටස් වෙළදපොළ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 446කට ආසන්නයි.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීමක් ද ඊයේ දක්නට ලැබුණු අතර, විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ ද ඒ සඳහා ඉවහල් වී ඇති බව විශ්ලේෂකයන් සඳහන් කළා.