Gossips

හයක් රෝහල් යැවූ පාලනයෙන් ගිලිහී ගිය වේගය (ඡායාරූප)

ත්‍රිකුණාමලය සිට යාපනය දක්වා ගමන් කරමින් තිබූ වෑන් රථයක් කැබිතිගොල්ලෑව, දුටුවැව ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඊයේ (03) පස්වරුවේ යාපනය – ත්‍රිකුණාමලය මාර්ගයේ 13වන කිලෝමීටර් කණුව අසලදී මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
වර්ෂාව පැවති අවස්ථාවේ අධික වේගයෙන් පැමිණි වෑන් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූවන් වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය තරමක් බරපතල බවයි වාර්තා වන්නේ.
අනතුර සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.



ඡායාරූප – වවුනියාව, මාධව කුලසූරිය