Gossips

අනිද්දා (24) සිට වියලි කාලගුණයේ වෙනසක්

දිවයිනේ දැනට පවතින වියලි කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අනිද්දා (24) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අනුව ඌව පළාතේත්, අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලටත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
එසේම පස්වරු 2 න් පසු ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද ඔවුන් නිවේදනය කළා.