Gossips

සීනි බදු අඩු කිරීමට වෛද්‍ය සංගමයේ විරෝධය

පැණිබීමවල ඇතුළත් සීනි සඳහා පනවා ඇති බදු අඩු කිරීමට රජය කටයුතු කළහොත් ඊට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.
පසුගිය දා දේශීය ආයෝජකයින් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම් දුන්නේ පළතුරු බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් එකකට අය කෙරෙන ශත 50ක බද්ද ශත 30 දක්වා අඩු කරන ලෙසයි.
කෙසේ වෙතත්, මේ තුළින් සෞඛ්‍ය ගැටළු මතු විය හැකි බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ.