මඩකලපුව – වව්නතිව් මාර්ග බාධකයකදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය හෙළා දකිමින් මඩකලපුව ප්රදේශයේ විරෝධතා කිහිපයක් අද පැවැත්වුණා.
ත්රස්තවාදයට යළි හිස එසවීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ.
අම්පාර – තිරික්කෝවිල් – ඔරලෝසු කණුව අසලදී අද පෙරවරුවේ ප්රදේශවාසීන් පිරිසක් විරෝධතාවයේ නිරත වූයේ යතුරුපැදි පෙළපාලියකින් නගරය හරහා ගමන් කරමින්.
මෙම සිද්ධියට විරෝධය පළ කරමින් මඩකලපුව – අක්කරෙයිපත්තුව ශ්රී විජයාරාම විහාරස්ථානය ඉදිරිපිටදී ද ප්රදේශවාසීන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවයක නිරත වුණා.
මේ අතර, නැවත ආයුධ කල්ලියක් හෝ පාතාලයක් උතුරට එපා යැයි සඳහන් පෝස්ටර් වඩ්ඩකච්චි, විශ්වමඩු සහ කිලිනොච්චි නගරයේ අලවා තිබෙනු දක්නට ලැබුණු බව හිරු වාර්තාකරු සඳහන් කළා.
වසර 30 ක යුද්ධය හේතුවෙන් පීඩා විඳි ජනතාවට නැවත යුද්ධය දකින්න නොලැබේවා සහ යුද්ධයෙන් බැට කෑ ජනතාවට නැවත ආයුධ කල්ලි දක්නට නොලැබේවා යන්න එම පෝස්ටර් වල ප්රදර්ශනය කර තිබෙනු දක්නට ලැබුණු බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.