Gossips

ශ්‍රී ලංකා පිළ, නවසීලන්තයට

ටෙස්ට් තරඟ 2කට, එක්දින තරඟ 3කට සහ විස්සයි විස්ස තරඟයකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රියේ නවසීලන්ත බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
පසුගිය දා නම් කළ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ලහිරු තිරිමාන්න සහ නුවන් ප්‍රදීප් නැවත කණ්ඩායමට ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.
දෙරට අතර පළමු ටෙස්ට් තරඟය ලබන 15 වන දා වෙලින්ටන් හිදී ආරම්භ වීමට නියමිතයි.
මේ අතර, නවසීලන්ත සංචාරයට එක්වීමට පෙර තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා අද උදෑසන විවාහ ගිවිස ගනු ලැබුවා.
ඊට සාක්ෂිකරුවන් ලෙස දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සහ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අත්සන් තබා තිබෙනවා.