Gossips

රැකියා විරහිත උපාධිධාරීන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

විරෝධතාවයේ නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් විසුරුවා හැරීමට පොලීසිය අද පස්වරුවේ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
57,000 කට ආසන්න රැකියා විරහිත උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබාදෙන ලෙස සහ සංවර්ධන නිලධාරීන් 20,000 කට ආසන්න පිරිසකගේ පත්වීම් අත්හිටුවීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් මොවුන් අද පෙරවරුවේ මෙම විරෝධතා පා ගමන ආරම්භ කළේ කොටුව – දුම්රියපොළ ඉදිරිපිටින්.
පසුව ලෝක මධ්‍යස්ථානය ඉදිරිපිටින් දිවෙන බැංකු මාවත ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලයට යෑමට උත්සාහ කිරීමේදී විරෝධතාකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
අනතුරුව ඔවුන් ලෝටස් වටරවුම ඔස්සේ යළි ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යාමට උත්සාහ කළ අතර, එම අවස්ථාවේදියි ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය කටයුතු කළේ.