Gossips

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ අමාත්‍ය මණ්ඩලයට ධුර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට එම ධුර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
ඒ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරු 122 දෙනෙකු ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණ සභාපති පී‍්‍රති පද්මන් සූරසේන සහ අර්ජුන් ඔබේසේකර යන විනිසුරුවරුන් හමුවේ සලකා බැලීමෙන් අනතුරුවයි.
පෙත්සම සලකා බැලීම දෙසැම්බර් 12 වන දා සිදුකරන බව සඳහන් කළ අභියාචනාධිකරණය එදිනට වගඋත්තරකරුවන් වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු කැබිනට් මණ්ඩලයට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි ද නිකුත් කළා.
අදාළ පෙත්සම පසුගිය මස 23 වන දා ගොනු කෙරුණේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව සඳහන් කරමින්.