Gossips

පීනන වළි කුකුළා

කාසල්රී ජලාශ රක්ෂිතයේ වෙසෙන වළි කුකුලෙක් කපුටන්ගේ ප්‍රහාරයෙන් මිදිමට කාසල්රි ජලාශය හරහා පිනා යන දුර්ලභ දර්ශනයක් අප වාර්තාකරුගේ කැමරා කාචයේ සටහන්ව තිබෙනවා.
කාසල්රී ජලාශ රක්ෂිතයේ වලි කුකුලන් විශාල වශයෙන් වෙසෙන අතර එම වලි කුකුලන්ට ජලාශය අවට සැරිසරන කපුටන්ගෙන් නිතර නිතර ප්‍රහාර එල්ල වෙමින් පවතින බවයි සඳහන් වන්නේ.
වලි කුකුලා පියාඹන අවස්තාවේ කපුටන්ද පියඹා ගොස් ප්‍රහාර එල්ල කරන නිසා වලි කුකුලන් කාසල්රි ජලාශය හරහා පිනා ගොස් එගොඩ වී, රක්ෂිත තුලට දිව යන බවයි එම ජලාශ භාර ආරක්ෂක අංශ නිලධාරින් කියා සිටින්නේ.
කාසල්රී ජලාශය හරහා මීට ප්‍රථම වැලි මුවෙකු පීනන දර්ශනයක්ද අප වාර්තාකරුගේ කැමරා කාචයේ සහටන් වී තිබුණා.