Gossips

පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා අබාධිත රණවිරුවකු ගමන් අරඹයි (ඡායාරූප)

ලෝක ආබාධිත දිනය නිමිතිකොටගෙන දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා රණවිරුවකු ගමන් ආරම්භ කර තිබෙනවා.
අද (03) උදැසන 8:00 පමණ දෙවුන්දර උපුල් වන් විෂ්ණු මහා දේවාලය අසලින් ආරම්භ වූ මෙම ගමන සඳහා ශ්‍රී ලංකා ගජබා රෙජිමේන්තුවේ රාජකාරි කළ දැනට අභිමන්සල සුවසහන නිකේතනයේ නේවාසිකව සිටින රණවිරු කෝප්‍රල් කරුණාරත්න එක් වුණා.
මොහු ට්‍රයිසිකලයක ආධාරයෙන් දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා ගමන් ආරම්භ කළ අතර, මෙම ගමන දින 08 කින් පමණ නිමාවට පත් කිරීමට තමන් අදහස් කරන බවයි ඔහු කියා සිටියේ.
මෙහි අරමුණ වන්නේ ලෝක ආබාධිත දිනය නිමිතිකොට සියලුම ජාතින් අතර සමගිය, සහෝදරත්වය, සහ ජීවනය තවදුරටත් වැඩිදියුණු වේවා යන්නයි.
මෙම අවස්ථාව සදහා යුද හමුදාපතිවරයා ද සහභාගී වුණා.




ඡායාරූප – මාතර, අදීෂ / වැලිගම, තරංග