Gossips

රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාව අතරතුර උණුසුම් තත්ත්වයක්

රැකියා විරහිත උපාධිධාරීන් සිදුකරන විරෝධතාව අතරතුර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
විරෝධතාකරුවන් කොළඹ කොටුව බැංකු මාවත හරහා ජනාධිපති ලේකම් කාර්යාලයට යෑමට උත්සාහ කිරීමේදී පොලීසිය සමඟ මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇත්තේ.
අද පෙරවරුවේ විරෝධතාකරුවන් කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධතාව ආරම්භ කරනු ලැබුවා.
ඒ, 57,000 කට ආසන්න රැකියා විරහිත උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබාදෙන ලෙස සහ සංවර්ධන නිලධාරීන් 20,000 කට ආසන්න පිරිසකගේ පත්වීම් අත්හිටුවීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින්.