Gossips

අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

අද (03) දිනයේ සිට දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරණ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සෙසු පළාත්වල පස්වරු 2.00 න් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
නැගෙනහිර, උතුරු මැද, බස්නාහිර, මධ්‍යම, සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලි මිටර් 75 ක පමණ තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (03) උදෑසන නිකුත්කළ නිවේදනයේ දැක්වෙනවා.