Gossips

පුරාවස්තු කැණීම් කළ 9 ක් අත්අඩංගුවට

පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයින් 9 දෙනෙකු පූජාපිටිය සහ බඩල්කුඹුර යන ප්‍රදේශවලදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පූජාපිටිය – කොටින්කඩුව ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක පුරාවස්තු කැණීම් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් හත්දෙනා පූජාපිටිය, ගනේමුල්ල, ජාඇළ සහ කඳාන ප්‍රදේශවල පදිංචිකරුවන්.
එමෙන්ම බඩල්කුඹුර – මඩුගහපට්ටිය – මීගහමඩ මාර්ගයේ පෞද්ගලික ඉඩමක කැණීම් කරමින් සිටියදීද පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී කැණීම් සඳහා උපයෝගී කරගත් උපකරණ සහ යතුරුපැදි 4 ක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්. ඔවුන් දෙදෙනා හුළන්දාව සහ මොණරාගල ප්‍රදේශවල පදිංචිකරුවන්.
එම ස්ථානයේ සිටි තවත් සැකකරුවන් කිහිපදෙනෙකු පළාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට බඩල්කුඹුර පොලීසිය මගින් විමර්ශන සිදුකරනවා.