Gossips

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹේ

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (03) ආරම්භ වනවා.
දිවයින පුරා විභාගය මධ්‍යස්ථාන 4661කදී ලබන 12 වන දා දක්වා සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් හයලක්ෂ 56,641 දෙනෙකු පෙනී සිටිනවා.
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා බන්ධනාගාර ගත රැඳවියන් 14 දෙනෙකු අයදුම් කර ඇති අතර, ඔවුන්ට ඒ සඳහා මැගසින් බන්ධනාගාරයේ පහසුකම් සළසා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියේ කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙසටයි.
මේ අතර අද (03) ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට කටයුතු යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.