Gossips

යාල්දේවිගේ ගැටුණු කැබ් රථය (ඡායාරූප)

යාපනය, කොඩිගාමම් ප්‍රදේශයේදී කැබ් රථයක් දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක ගැටීමෙන් ඊයේ (02) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.
කැබ් රථය, යාපනයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ යාල්දේවී දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අනතුර සිදුවීමට පෙර කැබ් රථයේ රියදුරු රථයෙන් බැස දිව යාම නිසා ඔහුගේ ජීවිතයට හානියක් සිදුව නැහැ.
කොඩිගාමම් පොලිසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වනවා.

ඡායාරූප – වවුනියාව, දිනසේන රතුගමගේ