Gossips

කෝලි නිදහස් කුසලානයෙන් ඉවත්වන ලකුණු

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලියේදී ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි විවේක ගන්වන්නට ඉඩ ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
තරගාවලි කිහිපයක් එක දිගට ක්‍රීඩා කිරීම නිසා ඔහු විවේකයක් අවශ්‍ය බව පැවසුවහොත් ඔහු නිදහස් කුසලාන තරගාවලියේදී විවේක ගැන්වීමට සුදානම් බව ඉන්දීය තේරීම් කමිටු සභාපතිවරයා පවසනවා.
දකුණු අප්‍රිකාවේදී දීර්ඝ සංචාරයකට ඉන්දීය කණ්ඩායම සහභාගී වූ අතර එම තරගාවලියේ සියලු තරගවලට කෝලි ක්‍රීඩා කල අතර, ඒ නිසා, අවශ්‍ය නම් කොලිට විවේකයක් ලබාදීමට පසුබට නොවන බවයි තේරීම් කමිටු සභාපතිවරයා වැඩි දුරටත් පවසන්නේ.
ලබන 6වෙනිදා ආරම්භවන නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලියට ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය එක්වීමට නියමිතයි.
ලබන සතියේදී නිදහස් කුසලානයට එක්වන ඉන්දීය කණ්ඩායම නම් කරන බවයි තේරීම් කමිටු සභාපතිවරයා සදහන් කලේ.