Gossips

ප්‍රංශ ජනපති හදිසි රැස්වීමක් කැඳවයි

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් එරට රජයේ ප්‍රධානීන්ගේ හදිසි හමුවක් කැඳවා තිබෙනවා.
ඒ මේ වනවිට එරට තුළ උද්ගතව ඇති ව්‍යාකූල තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.
ඉන්ධන බද්ද සහ ජීවන වියදම ඉහළ යාමට විරෝධය පළ කරමින් පැරිස් අගනුවර තුන්වන සති අන්තයටද සිදුකරන විරෝධතා තවදුරටත් ක්‍රියාත්මකයි.
මෙම විරෝධතාවලදී මේ වනවිටත් තුන්දෙනෙකු මියගොස් ඇති අතර, 110 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තවත් 270 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ප්‍රංශ ජනාධිපතිවරයා මෙම හදිසි හමුව කැඳවා ඇත්තේ එරට පවතින තත්ත්වය මත හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ යුතුද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගැනීමටයි.