Gossips

නීතිවිරෝ්ධී ගිනි අවි සමඟ දෙදෙනෙකු අම්බලන්ගොඩදී අල්ලයි

නීතිවිරෝධී ගිනි අවි 3 ක් ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු අම්බලන්ගොඩ – වතුගෙදර ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් ගාල්ල සහ මොරොන්තුඩුව ප්‍රදේශවල සිදු වූ අපරාධ රැසකට සම්බන්ධ බවටයි අනාවරණ වී ඇත්තේ.
ඊයේ අත්අඩංගුවට ගත් මොවුන් සන්තකයේ තිබී නීතිවිරෝධී ගිනි අවි සමඟ විවිධ වර්ගයේ පතරොම් 5ක්, මෝටර් රථයක්, වෑන් රථයක් සහ යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
21 හැවිරිදි වියේ පසුවන සැකකරුවන් අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්.