ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් අතර අද පැවැත්වීමට නියමිත තිබූ  සාකච්ඡාව හෙට (03) පස්වරු අට දක්වා කල් දමා ඇති බව වාර්තා වනවා.
Update :- Sunday, December 2, 2018,7.30pm
—————————————————————
එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (02) පස්වරු 7ට පැවැත්වෙනවා. 
පෙරේදා දිනයේදී පැය 2කට ආසන්න කාලයක් එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡා පැවැත්වුණා. 
කෙසේ වෙතත්, එය අවසන් වූයේ විසඳුමකින් තොරවයි. 
එම සාකච්ඡාව නතර කළ තැන සිට අද යළි සාකච්ඡා සිදුකරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් කියා සිටියේ.  
rnrnrn



