Gossips

කිලිනොච්චියේ වැවකින් තරුණයෙකුගේ මළ සිරුරක් (ඡායාරූප)

කිලිනොච්චිය පුදුමුරිප්පුකුලම වැවේ තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.
අද උදෑසන කිලිනොච්චිය පොලිසියට ලැබුනු තොරතුරකට අනුව සිදු කළ විමර්ශණයේදී අනාවරණ වී ඇත්තේ මියගොස් ඇති තරුණයා උදයනගර් ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙක් ක් බවයි.
ඔහු ත්‍රී රෝද රථ රියදුරෙක් ලෙසට සේවය කළ අයෙක් බවට ද හෙළිවී තිබෙනවා.
මෙම තරුණයා ඊයේ සවස ත්‍රී රෝද රථයෙන් කුලී ගමනක් ගොස් ඇති අතර රාත්‍රී නිවෙස වෙත නොපැමිණි බවයි ඥාතීන් ප්‍රකාශකර ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් ඔවුන් කිලිනොච්චිය පොලිසියට පැමිණිල්ලක් ද කර තිබෙනවා.
මෘත ශරීරය කිලිනොච්චිය රෝහලේ තැන්පත් කර තිබෙනවා.
මෙම මරණය සැක සහිත බව ඥාතීන් ප්‍රකාශකර ඇති අතර කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.

ඡායාරූප – වව්නියාව මාධව කුලසුරිය