Gossips

ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් නිරෝෂන්ගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

මඩකලපුව, වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටියදී ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්ගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (02) අවසන් ගෞරව දැක්වුවා.
දේහය තැන්පත් කර ඇති ගාල්ල, උඩුගම ප්‍රදේශයේ නිවසට අද (02) දහවල් ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, පොලිස් සැරයන් නිරෝෂන්ගේ බිරිද ඇතුළු පවුලේ ඥාති හිත මිත්‍රාදීන්ට සහ පොලිස් දෙපාර්තමේන්තුවේ සමස්ත සහෝදර නිලධාරින්ට ජනාධිපතිවරයා සිය සාතිශය සංවේගය පළ කළා.